පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සොරකමේ ගිය පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
Related Articles
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරකම් කළ පුද්ගලයින් 5 දෙනෙකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් නිලධාරීන් බව පවසා මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් පරික්ෂා කර ඔවුන්ගේ රන් භාණ්ඩ ඇතුළු දේපල කොල්ලකෑමට මෙම පුද්ගලයින් කටයුතු කර තිබෙනවා. රන් පවුම් 18ක් සමඟ මංකොල්ලය සිදු කිරීමට යොදා ගත් ත්රි රෝද රථ දෙකක් ද අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති පුද්ගලයෙකු ද සිටින බවයි පොලිසිය සදහන් කරන්නේ.