fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරාර්ථකාමී නායකයෙකු ඉදිරියට ගෙන ඒම සෑම පුරවැසියෙකුගේම වගකීමයි

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 18:26

පරාර්ථකාමී නායකයෙකු ඉදිරියට ගෙන ඒම සෑම පුරවැසියෙකුගේම වගකීමයි

දූෂණයෙන් තොර ජනතා හිතවාදී රටට ආදරය කරන පරාර්ථකාමී නායකයෙකු ඉදිරියට ගෙන ඒම සෑම පුරවැසියෙකුගේම වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 209 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

තඹුත්තේගම මකුලෑව ඉදිකළ අරුණළුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 19 කින් සමන්විත මෙම ගම්මානය සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 209 වන ගම්මානයයි. ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ද මීට සමගාමීව සංවිධාන කර තිබුණා.

අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්