fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවරයින් මවිත කළ කිලෝග්‍රෑම් දෙදහසේ මාළුවා

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:42

ධීවරයින් මවිත කළ කිලෝග්‍රෑම් දෙදහසේ මාළුවා

කිලිනොච්චිය නාච්චිකුඩා ප්‍රදේශයේ ධීවරයින්ගේ දැලකට විශාල ප්‍රමාණයේ මත්ස්‍යයෙකු හසු වී තිබුණා. කිලෝග්‍රෑම් දෙදහසකට වඩා බරින් යුත් මෙම මත්ස්‍යයා බැලීමට බොහෝ පිරිසක් එම වෙරළ තීරයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නාච්චිකුඩා ධීවරයින් ඊයේ රාත්‍රියේ එලූ දැලකට මෙම මත්ස්‍යා හසුවී තිබුණා. අධික බරින් යුත් මත්ස්‍යා ගොඩට ගැනීමට ධීවර වරායේ බොහෝ පිරිසකගේ සහාය ලබා ගැනීමට සිදු වූ බවයි ධීවරයින් පමසන්නේ. මෙවැනි මත්ස්‍යයෙකු මෙම වෙරළ තීරයෙන් හමු වූ පළමු අවස්ථාව මෙය බව ද ඔවුන් සඳහන් කළා. මුතු මෝරෙකු යැයි සැක කෙරෙන මෙම මත්ස්‍යා සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවයි නාච්චිකුඩා ධීවරයින් වැඩිදුරටත් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්