fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදුපුත් සුරක්ෂා රක්ෂණය ක්‍රමය ආරම්භ කිරීම රජය ගත් ඉතා යහපත් තීරණයක්

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:51

බුදුපුත් සුරක්ෂා රක්ෂණය ක්‍රමය ආරම්භ කිරීම රජය ගත් ඉතා යහපත් තීරණයක්

භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට රජය ගත් ක්‍රියාමාර්ගය ඉතා යහපත් තීරණයක් බව රෝහණ සංඝ සභාවේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමීන් වහන්සේ පවසනවා.

භික්ෂූන් වහන්සේ සදහා බුදුපුත් සුරක්ෂා රක්ෂණය ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ පසුගිය විසිහය වනදායි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. බුද්ධ ශාසන අමාත්‍යාංශය හදුන්වාදුන් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ අදියර තුනක් යටතේයි.   වැටුපක් නොලබන භික්ෂූන්වහන්සේ සඳහා බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය ද තම දරුවන් සසුනට පූජා කළ දෙමව්පියන්ගේ රැකවරණය වෙනුවෙන් බුදුපුත් මව්පිය සුරක්ෂා රක්ෂණාවරණය ද ක්‍රියාත්මක වනවා. එමෙන්ම විහාරස්ථාන හා ආරන්‍ය ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බොදු අරණ සුරක්ෂා ක්‍රමය ද මේ යටතේ ක්‍රියාත්මකයි. භික්ෂූන්වහන්සේ නමක රෝහල්ගත වීමකදී නේවාසික ගාස්තු සඳහා මෙම රක්ෂණ ක්‍රමය යටතේ දිනකට රුපියල් තුන්දහසක දීමනාවක් හිමිවනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 17:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්