යළි වෙළඳ සාකච්ඡා ආරම්භ කිරිමට ඇමරිකාව සහ චීනය එකඟතාව පළකර තිබෙනවා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පින්ගේ දීර්ඝ සාකච්ඡාවෙන් පසු එකඟතාවට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පැවති සාකච්ඡාවටය ඉතා සාර්ථකව අවසන් වූ බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළා. වෙළඳ සාකච්ඡා පැවැත්වෙන කාල සීමාවක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නැහැ.