පාතාල නායක මාකදුරේ මධූෂ්ගෙන් සිදුකළ ප්රශ්න කිරිම්වලින් පසු සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.
මධූෂ් රැගෙනගොස් සෝදිසි මෙහෙයුම සිදුකළ බවයි පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ. ඒ මීගමුව අක්කර 50 වත්ත ප්රදේශයේ. උණ්ඩ රහිත ටී 56 මැගසිනයක් ද එහිදී හමුවුණා. ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.