පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නත්තලට පෙර අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම ප්‍රතිසංස්කරණ සිදුකෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UusUSS3MJi4″]
මඩකලපුව සියොන් දේවස්ථානය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම දේවස්ථානයේ පූජකතුමන් සමග එහි වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡාවක නිරත වුණා. අප්‍රේල් 21 වන දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.