fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතියෝපියාවේ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:48

ඉතියෝපියාවේ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ඉතියෝපියාවේ පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන්. තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවයි එරට අග‍්‍රාමාත්‍ය අබි අහමඩ් ප‍්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් වැඩි පිරිසක් අම්හාරා ජාතික ව්‍යාපාරයේ සාමාජිකයන්. සිය සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම භෙලාදකින බවයි එම සංවිධානය චෝදනා කරන්නේ. මේ හේතුවෙන් ඉතියෝපියාව ආශි‍්‍රතව ගැටුම්කාරී තත්වයක් උද්ගතවී ඇතැයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 29, 2019 10:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්