අයි එස් ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීම සදහා කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබදව කරුණු සොයා බැලීම සදහා පත් කර තිබෙන තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් බද්යුදීන් මහතා මේ බව කියා සිටියා.
මේ අතර පාස්කු ප්‍රහාරයට හෝ වෙනත් ත්‍රස්ත ක්‍රියාවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සම්බන්ධතාවක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව වැඩ බලන පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/okU1r_B7a9A”]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙසට යළිත් දැනුම් දීමට අවශ්‍ය ලිපි ලේඛන සකස් කරන ලෙස තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා කමිටු සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.
තේරීම් කාරක සභාව හමුවේ අද (28) පෙනී සිටින ලෙසට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු කමිටුව හමුවේ පෙනී සිටියේ නැහැ.