fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාන්තාවන් 600කට රැකියා

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:38

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කාන්තාවන් 600කට රැකියා

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෙළබොජුන් අළෙවිසැල් හරහා කාන්තාවන් 600 කට රැකියා අවස්ථා උදාවී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිස්ති‍්‍රක් 18ක හෙලබොජුන් අලෙවිසැල් 22ක් කි‍්‍රයාත්මක වනවා.

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන හෙල බොජුන් හල් සංඛ්‍යාව 60 ක්. කාන්තාවන්ට ව්‍යවසායකත්ව පුහුණුවක් ලබාදිමේ වැඩසටහනක් ද කි‍්‍රයාත්මකයි. නැගෙනහිර පලාතේ මාර්ගස්ථ මගි ප‍්‍රවාහන අධිකාරිය හා ඒකාබද්ධව තවත් අළෙවිසැල් කිහිපයක් පවත්වාගෙන යන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 15:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්