ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජපානයේ ඔසාකාහි පැවැත්වෙන ජී.20 සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයී.
ගෝලීය වශයෙන් පවතින ගැටළු පිලිබදවත් දෙරට අතර පවතින වෙළඳාම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වන ගැටළු පිලිබදවත් මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ද ඇමෙරිකා ජනාධිපතිවරයා සුබපැතුම් එක්කළා. ජී 20 සමුළුව පිළිබද අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ 2022 වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ජී 20 සමුළුවට මෙය ඉතා හොද අත්දැකීමක් බවයි.