fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 11:48

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි හත්වන තරගය දකුණු අප්‍රිකාව සමග අද (28) පැවැත්වෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තිස් පස්වන තරගයයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද(28) පැවැත්වෙන්නේ. තරගය ඩර්හැම්හැම් චෙස්ටර් ලී ස්ට්‍රිට්හි රිවර්සයිඩ් ක්‍රිඩාංගනයේදී මෙරට වේලාවෙන් අද පස්වරු 03ට  ආරම්භ වනවා.

තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට නම් මෙම තරගය  ජය ගැනිම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්. ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අවස්ථා 05කදී මුණගැසි තිබෙනවා. ඉන් තරග 03ක් ජය හිමි වී ඇත්තේ දකුණු අප්‍රිකාවයි. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරගයක් පමණයි. වේග පන්දු යවන ක්‍රිඩක නුවන් ප්‍රදිප් අද (28) තරගයට එක්විම අවිනිශ්චිත බවයි එරටින් වාර්තා වන්නේ. ඒ ඔහු අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන්.

අද (28) තරගයේ ප්‍රවේශපත් සියල්ල මේ වන විට අලෙවී තිබෙනවා. ඒ හේතුවෙන් අද තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ගනු ඇති බවයි ක්‍රිඩා විචාරකයින් පවසන්නේ. තරගය සදහා වර්ෂාවෙන් බාධා එල්ල නොවනු ඇති බවයි එරට කාලගුණ අංශ අනාවැකි පළ කරන්නේ. අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම පිලිබදව කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ සිටියා.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම මේ වන විට යෝකර් පන්දු ප්‍රමාණයක් යොමු කළ පන්දුයවන්නන් අතර දෙවන ස්ථානය හිමිව ඇත්තේ ලසිත් මාලිංගටයි. ඔහු සිය පන්දුයැවිමේ ප්‍රතිශතයෙන් සියයට පහයි දශම නවයක්ම යෝකර් පන්දු යොමු කර ඇති බවයි විදෙස් ක්‍රිකට් වෙබ් අඩවියක් අනාවරණය කළේ. එය දෙවනි වන්නේ බංග්ලාදේශයේ මොහොමඩ් සයිෆුදීන්ට පමණයි. ඔහු සියයට හයයි දශම නවයක් යෝකර් පන්දු යොමු කර ඇති බව සදහන්. වේගපන්දු යවන්නන් අතරින් වැඩිම පන්දු සංඛ්‍යාවක් කඩුල්ලට යොමු කර  ඇත්තේ ද ලසිත් මාලිංග වීම විශේෂත්වයක්.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 11:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්