fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN මාධ්‍ය දායකත්වය සමගින් කතරගම පාද යාත‍්‍රාව බාදුරේ ප‍්‍රදේශයෙන් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 12:03

ITN මාධ්‍ය දායකත්වය සමගින් කතරගම පාද යාත‍්‍රාව බාදුරේ ප‍්‍රදේශයෙන් ඇරඹෙයි

කතරගම ඇසල මහා පෙරහැර මංගල්‍යයට සහභාගී වන බැතිමතුන් බාදුරේ ප‍්‍රදේශයෙන් අද පාද යාත‍්‍රාව ආරම්භ කරනවා. ඊයේ දිනයේදීත් විශාල පිරිසක් පාද යාත‍්‍රාවට එක්වූ බවයි එහි සිටින අප නියෝජිත චතුර සමරකෝන් ප‍්‍රකාශ කළේ.

සුරකිමු කතරගම රකිමු සමගිදම 2019 රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ බැතිබර මාධ්‍ය සත්කාරය දරන්නේ අයිටීඑන් මාධ්‍ය ජාලයයි. හරෝ හරා 2019 තේමාව යටතේ කතරගම ඇසළ මංගල්‍යය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් අයිටීඑන් මාධ්‍ය ජාලය සංවිධාන කර තිබෙනවා. බැතිමතුන්ගේ පාද යාත‍්‍රාව මුල්කර ගනිමින් ආරම්භ වුණේ එහි පළමු වැඩසටහනයි. පාද යාත‍්‍රාවේ සියලු තොරතුරු මෙන්ම ඇසළ මංගල්‍යයේ තොරතුරු අයිටීඑන් මාධ්‍ය ජාලයට අයත් සියලු නාලිකා සහ අයිටීඑන් ෆේස්බුක් පිටුව මගින් ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

මේ අතර කතරගම දේවාලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසන බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හතාගේ උපදෙස් මත ගිනිකොණ නාවික විදානය භාර ආඥාපතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම සත්කාර සේවා ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 28, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්