fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුර සේනානයකට අධි චෝදනා

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 12:44

අනුර සේනානයකට අධි චෝදනා

රගර් ක‍්‍රීඩක වසිම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ තොරතුරු වසන් කිරීමට අදාල ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇපමත මුදාහැරිමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

ඒ රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විස්සේ ශරීර ඇප දෙකක් මත. අනුර සේනානායක මහතාගේ විදේශ ගමන් තහනම් කිරිමට මහාධිකරණය නියෝග කළා.

සාක්ෂි කරුවන්ට බලපෑම් නොකරන ලෙසටත්, ඔහුට දැනුම්දී තිබෙනවා. ඇප කොන්දේසි කඩකලහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කරන බවත්, විනිසුරුවරයා අවධාරණය කළා. සිද්ධිය සම්බන්ධයෙන් නිීතිපතිවරයා අනුර සේනානයක මහතාට අධි චෝදනා ගොනුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 27, 2019 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්