ජි 20 සමුළුව හෙට ආරම්භ වනවා. ඒ ජපානයේ ඔසාකාහිදීයි.එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මේ වනවිටත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයන් ජපානයට ළඟා වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සමුළුවට සමගාමීව ද්විපාර්ශවික සාකච්ඡා රැසක් පැවැත්වෙනවා. ඉන්දීය අගමැතිවරයා චීන, රුසියා සහ ඇමරිකා ජනාධිපතිවරුන් සමඟ සාකච්ඡා කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශවික සාකච්ඡා 08කට එක්වනවා. ඒ අතර චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ ද අදහස් හුවමාරු කර ගන්නා බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ. මුලික අවධානය යොමු වන්නේ වෙළඳ කටයුතු පිළිබඳවයි. ජී 20 කණ්ඩායමට ඇමරිකාව, චීනය, ජපානය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය, රුසියාව, බි්රතාන්යය ඇතුළු රටවල් ඇතුළත්.