නාවික හමුදාව සිදු කළ වැටලීමකදී බීඩිකොල සහ කේරලගංජා විශාල ප්රමාණයක් සොයා ගෙන තිබෙනවා.
මන්නාරම සනිවිලේජ් ප්රදේශයේ දී සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොල කිලෝග්රෑම් 20කට වැඩි ප්රමාණයක් සොයා ගෙන තිබෙනවා.මෙම බීඩිකොළ පාර්සලයක් තුළ අසුරා තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සදහා යාපනය රේගු නිළධාරී කාර්යාලයට භාර කෙරුණා.
මේ අතර තලෙයි මන්නාරම කහටස්පත්තිරි ප්රදේශයේදී කේරලගංජා කිලෝග්රෑම් 18 ක් සමඟ ඩිංගි යාත්රාවක් සොයා ගැනුණා.මෙම යාත්රාව සහ ධීවර ආම්පන්න ඇතුළු අත්අඩංගුවට ගත් භාණ්ඩ පේසාලේ පොලීසිය වෙත භාරදී තිබෙනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ තුන් දෙනෙකු ඩෙල්ෆ් කුවින්ත වාඩි ප්රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. මෙම ශ්රී ලාංකිකයන් තුන් දෙනා ධීවර යාත්රාවක් මඟින් මෙරටට පැමිණීමට උත්සාහ කළ බවයි නාවික හමුදාව ප්රකාශ කළේ. වවුනියාව ප්රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් ඉසිරි පරීක්ෂණ සදහා ඩෙල්ෆ් පොලීසිය වෙත භාරදී තිබෙනවා.