fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාන්ත ජෝෂප් විද්‍යාලය සමග පැවති රග්බි තරගාවලියේ ජය සාන්ත පීතර විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 12:09

සාන්ත ජෝෂප් විද්‍යාලය සමග පැවති රග්බි තරගාවලියේ ජය සාන්ත පීතර විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය සමග පැවති තරගය ලකුණු 23ට 21ක් ලෙස ජය ගැනීමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුණා.

සාන්ත පීතර විද්‍යාල ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමා වන විට මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය කණ්ඩායම ලකුණු 13ක් ලබා සිටියා. ඒ වන විට බම්බලපිටිය  සාන්ත පීතර විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 05ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. තරගය නිමාවන විට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය විද්‍යාලය ලකුණු 23ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 03ක්, ප්‍රවර්තනයක් සහ දඩුවම් පහර 02ක් ඇතුලත්. ඒ වන විට  මරදාන සාන්ත ජෝෂප් විද්‍යාලය ලබා සිටියේ  ලකුණු 21ක් පමණයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 12:09

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්