fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනය බව ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 10:17

දේශපාලන අස්ථාවරත්වයට හේතුව 19 වන සංශෝධනය බව ජනපති පවසයි

ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් පත් වුණත් රටට ආදරය කරනවා නම් 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති බව පිළිගන්නා අතර ඊට හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම තීරණ්‍ය කරන බවද ජනාධිපතිතුමා සදහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අද උදෑසන හමුවූ අවස්ථාවේදීයි.

මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තමන් සහභාගී නොවන බවද මෙහිදී ප්‍රකාශ කළා. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවී සිටින රැදවියන් 4 දෙනෙකුට එම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා තමන් අත්සන් තබා ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදී කියාසිටියේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 26, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්