ඇමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරය තුළ ඉලෙක්ට්‍රොනික් දුම්වැටි තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉලෙක්ට්‍රොනික් දුම්වැටි තහනම් කරනු ලැබු ඇමෙරිකාවේ පළමු නගරය වන්නේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයයි. එම නගරයේ වෙළඳසැල් වල ඉලෙක්ට්‍රොනික් දුම්වැටි අලෙවිය සහ ඔන්ලයින් ක්‍රමයට දුම්වැටි ලබා ගැනීමද තහනම් වනු ඇති. සෞඛ්‍යට දැඩි බලපෑම් එල්ල වීම හේතුවෙන් මෙලෙස සිදු කිරීමට පියවර ගත් බවයි එම නගරයේ බලධාරීන් සඳහන් කරන්නේ. සැන් ෆ්රැන්සිස්කෝ නගරාධිපති ලන්ඩන් බ්‍රීඩ් සඳහන් කරන්නේ මෙම පනත සම්මත කර ගැනීම සඳහා දින 10 ක් ගත වු බවයි. පනත සම්මත වීමෙන් මාස 7 කට පසුව මෙම තහනම ක්‍රියාත්මක වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.