භික්ෂුන් වහන්සේට රක්ෂණාවරණය ලබාදිමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වෙනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.
භික්ෂුන් වහන්සේ තිස් පන්දහසක් පමණ රක්ෂණ ක්‍රමයට ඇතුළත් කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ. ශාසන සුරක්ෂා වැඩසටහන යටතේ එය ක්‍රියාත්මක බවයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ. අංශ 03ක් හදුන්වාදී තිබෙනවා. භික්ෂුන් වහන්සේට රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම, දරුවන් සසුනට පූජා කළ දිළිදු දෙමව්පියන් ආරක්ෂා කිරීම සහ දුෂ්කර ප්‍රදේශවල විහාරස්ථාන දියුණු කිරිමත් ඊට අයත්.