ඇත් දළ 04 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවේ
Related Articles
ඇත් දළ 04ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනූව වැටලීම සිදුකළේ ඉමදුව පොලිස් වසමේ හවුපේ ප්රදේශයේදීයි. ඔහු ළඟ තිබි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද හමුවුණා. තවත් ගිනි අවි කොටස් කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.