යේමනයේ අයිඑස් නායකයා අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. ඒ විශේෂ බුද්ධි තොරතුරු මත සිදුකළ මෙහෙයුමකදීයි. සෞදිය ප්රමුඛ ඒකාබද්ධ ආරක්ෂක අංශ ඊට එක්ව සිටියා.
යේමනයේ අයිඑස් නායක අබු ඔසාමා නිවසක සැඟවී සිටි බවයි ආරක්ෂක අංශ පවසන්නේ. දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවීම් ද සිදුව තිබෙනවා. ඔහු සමඟ තවත් සාමාජිකයන් 04 දෙනෙක් අත්අඩංගුවට පත්වුණා. යේමනයේ දීර්ඝ කාලයක සිට පවතින්නේ ගැටුම්කාරි වාතාවරණයක් . අයිඑස් ඇතුළු සංවිධාන කිහිපයක් එහි ක්‍රියාත්මක වනවා. 2015 වසරේ සිට පවතින ගැටුම්වලින් විශාල පිරිසක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.