සංහිදියාවට හානිකරන කරුණු පෙළපොත් වල ඇතුළත් කර ඇත්දැයි සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ කමිටුවක් පත්කළා.
1980 සිට අධ්‍යාපන අමාත්‍යංශය ලබාදෙන පාසල් පෙළපොත් සහරාන්ලා බිහිකරන්නට මුල්ව ඇති බව රිස්වික් රිෂාමන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේදි සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. කුරානයේ පවා සඳහන් නොවන ආගමික නීති රැසක් පෙළපොත් වල අන්තර්ගත කර ඇති බවයි ඔහු පවසන්නේ. කෙසේ වෙතත් වර්තමානයේ පාසල් වෙත නිකුත් කර ඇති ඉස්ලාම් ධර්මය පෙළපොත්වල සමාජ මතභේදයට තුඩුදෙන කරුණු අන්තර්ගත නොවන බවයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ජයන්ත වික්‍රමනායක මහතා සඳහන් කළේ.