එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 64 විශිෂ්ට ජයක් වාර්තා කිරිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වන තරගය මෙයයි. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රිඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවි ලකුණු 285ක් රැස් කළා.ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ඇරොන් ෆින්ච් ලකුණු 100ක් ලබා ගත්තා. ඩේවිඩ් වෝනර් ලකුනු 53යි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 221ක් පමණයි. බෙන් ස්ටෝක්ස් ලකුණු 89යි. ජේසන් භෙරෙන්ඩොෆ් කඩුලු 05ක් බිද හෙලුවා.