පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යළි අද රැස්වීමට නියමිතයි.
තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ සාක්ෂි ලබා දීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.