fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 18:01

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කැබිනට් අනුමැතිය

ජාතික පාසල්වල සිසුසිසුවියන් හා ගුරුවරුන් සදහා ටැබ් පරිගණක ලබාදීම සදහා කැබිනට් අනුමැතිය අද (25) හිමිවුණා. ඒ යටතේ එහි පළමු අදියර ලෙස ලබන අගෝස්තු මාසයේදී ටැබ් පරිගණක ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ.

අද (25) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. ජාතික පාසල්වල සේවයේ යෙදී සිටි උපාධි හෝ ගුරු පුහුණුව නිමකළ ගුරු සහායකවරුන් 44 දෙනෙකු සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍යවරයා අතින් සිදුකෙරුණා. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්