අසත්‍යය මෙන්ම පදනම් විරහිත චෝදනා මත තමන් අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනිම නීති විරෝධි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අද (25) ගොනු කළා.
රැඳවුම්භාරයෙන් තමා නිදහස් කිරීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි එම පෙත්සමින් ඉල්ලීම් කර ඇත්තේ. පොලීසිය වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවට ගැනීමට පදනම් කරගෙන ඇති චෝදනා අසත්‍ය හා පදනම් විරහිත බව වෛද්‍ය සාෆි හා ඔහුගේ නීතිඥ රුස්ඩි හබීබ් යන මහත්වරුන් අදාළ පෙත්සමේ සඳහන්කර තිබෙනවා.
ඒ අනුව වෛද්‍ය සාෆි මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙසයි පෙත්සමින් තවදුරටත් ඉල්ලීම් කර ඇත්තේ. කුරුණෑගල පොලිස්ථානාධිපතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂවරයා හා වැඩබලන පොලිස්පතිවරයා ඇතුලු පාර්ශ්ව කිහිපයක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.