චටිස්ගා ප්‍රාන්තයේදී බස් රථ අනතුරකින් හය දෙනෙකු මියගියා. තුවාල ලැබූ ගණන 43 ක්.
බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි ප්‍රාන්ත පොලීසිය ප්‍රකාශ කළේ. බස් රථය වෙනත් ට්‍රක් රථයක ගැටීමෙන් පසු පෙරළී ගොස් තිබෙනවා.
මළසිරුරු සියල්ල අනතුර සිදුවූ ස්ථානයෙන් ඉවත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.