සිංගප්පූරුවේ ෂැංගි ගුවන්තොටුපොළ ආසන්නයෙන් අනවසර ඩ්‍රෝන යානාවක් පියාසර කිරීම හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.
මීට පෙර සතියකද මෙවැනි තොරතුරක් පිළිබඳව වාර්තා වූ බවයි එරට සිවිල් ගුවන් අංශය සඳහන් කළේ. අද සිදු වූ මෙම සිදුවීමෙන් පසු ගුවන් ගමන් 18 ක් ප්‍රමාද වී ඇති අතර ගුවන් යානා 7 ක් වෙනත් ගුවන් තොටුපොළවලට හරවා යැවීමට කටයුතු කළ බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ සම්බන්ධ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවයි සිංගප්පූරු සිවිල් ගුවන් අංශය පවසන්නේ. ලොව පුරා ගුවන් තොටුපොළවල ආරක්ෂාවට මෙම අනවසර ඩ්‍රෝන යානා ගුවන්ගතකිරීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා.