පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ බලංගොඩ ප්‍රදේශයේද පවුල් 1700 ක් සදහා සමෘද්ධි සහනාධාර පිරිනැමුණා. ඒ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
සැබෑ ලෙසම අඩු ආදායම්ලාභීන් තෝරාගෙන සමෘද්ධි සහනාධාර ලබාදෙන බවයි උත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළේ.
ජනවර්ගය හෝ ආගම , දේශපාලන පක්ෂය යන කරුණු මත පදනම්ව කිසිසේත්ම සමෘද්ධිය ලබානොදෙන බව තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දුන්නා. 1994 වර්ෂයෙන් පසු දේශපාලනීකරණය වූ සමෘද්්ධිය පසුගිය කාලය තුළ යළි සවිබල ගැන්වීමට හැකිවූ බවයි ඇය සදහන් කළේ.