fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාම්බෝජයේ ගොඩනැගිලි අනතුරෙන් දින 3 කට පසු සිර වී සිටි දෙදෙනෙකු බේරා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 13:41

කාම්බෝජයේ ගොඩනැගිලි අනතුරෙන් දින 3 කට පසු සිර වී සිටි දෙදෙනෙකු බේරා ගැනේ

කාම්බෝජයේ මහල් හතක ගොඩනැගිල්ලක් කඩා වැටී දින 3 ක් ගත වීමෙන් පසු සුන්බුන් අතර සිර වී සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වුණා.

මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. චීනයට අයත් ඉදිකිරීමේ භූමියක තිබූ ගොඩනැගිල්ලකුයි මෙසේ කඩා වැටීමට ලක් වුණේ. දින 3 කට පසු බේරා ගත් පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සදහා රෝහල්ගත කෙරුණා. තවත් පිරිස් සුන්බුන් අතර සිර වී සිටින බවට සැක කෙරෙන බවයි සහන කණ්ඩායම් පවසන්නේ. සිද්ධියට අදාළව පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 25, 2019 13:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්