ප්‍රදේශ කිහිපයකට හෙට (26) පෙරවරු 09 සිට අනිද්දා (27) පෙරවරු 9 දක්වා පැය 24 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.
මහරගම, බොරලැස්ගමුව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලන්වත්ත මත්තේගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක ඊට අයත්. කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජල නළ පද්ධතිය වැඩිදියුණු කිරිමයි ඊට හේතුව.