රුසියා ගුවන් යානයක් වෙනිසියුලාවේ සයිමන් බොලිවර් ගුවන් තොටුපලට ගොඩබස්වයි
Related Articles
රුසියානු ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් වෙනිසියුලාවේ සයිමන් බොලිවර් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බස්වා තිබෙනවා.
රුසියාව සහ ඇමෙරිකාව අතර අර්බුධකාරී වාතාවරණයක් පවතින අවස්ථාවක මෙලෙස රුසියා ගුවන් යානයක් වෙනිසියුලාවට පැමිණීම ලොව පුරා දැඩි කථාබහට ලක්වී තිබෙනවා. විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ මෙය ඇමෙරිකාවට අභියෝග කිරීම සඳහා සිදු කරන්නට ඇති බවයි. කෙසේවෙතත් මෙම ගුවන් යානය කුමන හේතුවකට මෙලෙස පැමිණියේ ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.