තවත් ශ්‍රි ලාංකිකයන් පිරිසකට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම අද (25) පස්වරුවේ සිදුවනවා. ඒ අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
810 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමටයි කටයුතු යොදා තිබෙන්නේ. 2015දී ආරම්භ කළ වැඩසටහන යටතේ මේ වනවිට 3700 දෙනෙකුට එය හිමි වී තිබෙනවා.
තවත් විශාල පිරිසක් ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ.