මුහුද ආශ්රිත සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මීගමුව සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශ ඊට අයත්. ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැළකිලිමත් විය යුතු බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කලේ. මධ්‍යම සහ සබරගමුව ඇතුළු පළාත්වලද වැසි හටගැනීමේ හැකියාවක් පවතිනවා. පැයට කිලෝ මීටර 40 දක්වා තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.