රටේ පාලකයින් යනු පොදු ජනතාවගේ සේවකයින් වුවත් ඇතැමුන් කටයුතු කරන්නේ රටේ සින්නක්කර අයිතිකරුවන් ලෙස සිතාගෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාගම්මාන දෙකක් ජනතා අයිතියට පවරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
පුත්තලම දිස්ත්‍රික්කයේ මනතිව්හි ඉදිකළ අයියනායපුරම් සහ වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකළ බැරිස්ටර් නෙයිනමරික්කාර්ගම යන උදා ගම්මාන අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරුණා. සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 206 සහ 207 වන ආදර්ශ ගම්මාන මෙයයි. නිවාස 44 කින් සමන්විත උදා ගම්මාන ඉදිකිරීම් සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 504 ක්.
[ot-video type=”youtube” url=”https://youtu.be/L5nViVrv2wM”]