දහතුන් වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනේ සිසුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදී පැවැත්වුණා.
13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සදහා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ සිසුන් ඇතුළත් කර ගැනීමයි මෙහිදී සිදු කෙරුණේ. ශ්‍රී ජයවර්ධනපුර පිරිමි විදුහලේ විදුහල්පති ඩී.ඒ.ඩී වානගුරු මහතාගේ උපදෙස් පරිදි කලාප අධ්‍යාපන සහකාර අධ්යක්ෂ කුමුදු හේමමාලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිසුන් ලියාපදිංචි කිරීම සිදු කෙරුණා. 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අදාල විෂයන් තෝරා ඒ සදහා සිසුන් ලියාපදිංචි කිරීමට කටයුතු කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kz-uvVKV2IE”]