fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජිතට එරෙහි GMOA පෙත්සමට ජනතා විරෝධය

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 13:18

රාජිතට එරෙහි GMOA පෙත්සමට ජනතා විරෝධය

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙත්සමක් අත්සන් කිරීමට යාම හේතුවෙන් කළුතර මහරෝහල තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වුණා.

කළුතර මහ රෝහල පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට ජනතාව විරෝධය පල කළා. ඒ සමගම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනතාව අතර ගැටුම් ඇති වුණා. පොලීසිය  මැදිහත් වී ගැටුම සමතයකට පත් කළා. රෝහල් අධ්‍යක්ෂවරයා ගැටුම මැඩපැවැත්වීමට ගත් උත්සාහයට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පල කර තිබෙනවා. කෙසේ වෙතත් අත්සන් කිරීමට රැගෙන ආ පෙත්සම ගිනි තබා විනාශ කිරීම ට ජනතාව කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්