මේ මාසය අවසන් වනවිට ප්‍රතිලාභීන් හාරලක්ෂ පනස් දහසකට සමෘද්ධි හිමිකම් ප්රදානය අවසන් කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. තවත් එක් ලක්ෂ පනස් දහසකට ලබන මාසය ඇතුලත සමෘද්ධි හිමිකම් ප්රදානය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් 350 ක් සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
අලුතින් ලක්ෂ 6 කට සමෘද්ධි හිමිකම් ප්රදානය කිරීමේ රජයේ වැඩපිළිවෙලට සමගාමීව ප්‍රතිලාභී පවුල් වෙනුවෙන් තවත් සුභ සාධන වැඩසටහන් ගණනාවක් ද සැලසුම් කර ඇති බවයි දයා ගමගේ මහතා සඳහන් කළේ.