fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජිමිනාස්ටික් බාලක ශුරතාව ගම්පහ දිස්ත්‍රික්කයට

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 12:06

බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජිමිනාස්ටික් බාලක ශුරතාව ගම්පහ දිස්ත්‍රික්කයට

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළළේ බස්නාහිර පළාත් අන්තර් දිස්ත්‍රික් ජිමිනාස්ටික් තරගාවලියේ බාලක ශුරතාව ගම්පහ දිස්ත්‍රික්කය හිමි කර ගත්තා. බාලිකා ශුරතාව දිනා ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි.

ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවති තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 60 දෙනෙකු එක්ව සිටියා. ඒ  බාලක තරග ඉසව් 06ක් සහ බාලිකා තරග ඉසව් 04ක් යටතේයි. තරගාවලියේ බාලක අංශයේ ශුරතාව ගම්පහ දිස්ත්‍රික්කය හිමි කර ගත්තා. අනුශුරතාව දිනාගත්තේ කොළඹ දිස්ත්‍රික්කයයි. කොළඹ දිස්ත්‍රික්කය බාලිකා අංශයේ ශුරතාව හිමි කර ගත්තා. එහි අනුශුරතාව හිමි වුයේ ගම්පහ දිස්ත්‍රික්කයටයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 12:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්