fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක අලි දෙදෙනෙක් ගැටේ

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 11:16

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක අලි දෙදෙනෙක් ගැටේ

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ රාත්‍රී සීග්‍රඝාමී දුම්රියක ගැටීමෙන් අලි මවක මිය ගොස් ඇති අතර පැටවා බරපතල තුවාල ලබා තිබෙනවා.

දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදීයි මෙම සත්වයන් දුම්රියේ ගැටී ඇත්තේ. අලි මවගේ වයස අවුරුදු 15 ක් පමණ වන අතර පැටවාගේ වයස අවුරුදු එකහමාරක් පමණ වන බවයි වනජීවී නිළධාරීන් සදහන් කරන්නේ. වන අලි පැටවාට ප්‍රතිකාර ලබාදීම ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය රෝහලේදී සිදු කෙරුණා. මීට මාසයකට පෙර ද මෙම දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් වනඅලියෙකු මිය ගියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 24, 2019 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්