තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 70 පමණ දක්වා වැඩි විය හැකියි. එවිට එම ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ත්‍රිකුණාමලයේ සිට පුත්තලම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද සුළං වේගය ඉහළයා හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසයි ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.