fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවසැරිය ගිලන්රථ සේවය දිවයින පුරා

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 18:08

සුවසැරිය ගිලන්රථ සේවය දිවයින පුරා

සුවසැරිය ගිලන්රථ සේවාව නැගෙනහිර පළාතේ ආරම්භ වුණා. ඒ අනූව මේ වනවිට එම සේවාව රටපුරා ක‍්‍රියාත්මක වනවා. යොදවා ඇති ගිලන්රථ සංඛ්‍යාව 297ක්.

විනාඩි 13කට ආසන්න කාලයකදී රෝගීන් ප‍්‍රතිකාර සඳහා රැගෙන යාමට සුවසැරියෙන් පහසුකම් සැලසී තිබෙනවා. මේ වනවිට ප‍්‍රතිකාර සඳහා එක් ලක්ෂ අනූ අට දහස් දෙසිය විසි තුන් දෙනෙක් රෝහල් කරා ගෙන යාමට ඊට හැකියාව ලැබුණා.

ගිලන් රථ තුළ සිදුවී ඇති දරු උපත් සංඛ්‍යාව 89ක්. ඉදිරියේදී මෙම සේවාව තවදුරටත් දියුණු කිරිම අරමුණ බවයි අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ.

මේ වනවිට සුවසැරිය සේවාව සඳහා සුවිශේෂි 1990 ජංගම දුරකථන ඇප් සේවාව ද හදුන්වා දී තිබෙනවා. ඉන්දියාව වැඩපිළිවෙලට ඇමරිකා ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලබාදී ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළා. දෙරට අතර සම්බන්ධතා සංවර්ධනය කර ගැනීමට මෙය ඉවහල් වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඉන්දියාව ශ‍්‍රි ලංකාව වෙනුවෙන් පළමු ප‍්‍රතිචාරකයා ලෙස පෙනී සිටින බව ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා එම අවස්ථාවට එක්වෙමින් සඳහන් කළා. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ඉල්ලීමකට අනූවයි මෙම සේවාව සඳහා එරට සහාය හිමි වුණේ. මේ වනවිට සුවසැරිය පදනම යටතේ ශ‍්‍රි ලාංකිකයන් 1428 දෙනෙකුට රැකියා අවස්ථා හිමිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo