fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසිලන්ත කණ්ඩායමට ලකුණු 05ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 12:12

නවසිලන්ත කණ්ඩායමට ලකුණු 05ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ විසිනව තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණු 05ක ජයක් වාර්තා කිරිමට නවසිලන්ත කණ්ඩායම සමත්වුනා.

මැන්චෙස්ටර්හීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි  නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 08ක් දැවි ලකුනු 291ක් රැස් කළා. කේන් විලියම්සන් ලකුණු 148යි. පන්දු යැවිමේදී බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායමේ ශෙල්ඩන් කොට්‍රෙල් කඩුලු 04ක් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රිඩා කල කොදෙව් කණ්ඩායමට පන්දුවාර 49ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 286ක් පමණයි. ක්‍රිස් ගෙල් ලකුණු 87ක් සහ කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුනු 101ක් ඉනිමට එක් කළා. පන්දු යැවිමෙදී නවසිලන්ත ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 30කදී කඩුලු 04 දවා ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 23, 2019 12:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්