ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටු කරන විශිෂ්ඨ සේවාව ජනාධිපතිතුමාගේ පැසසුමට ලක්වුණා.
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උළෙල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ පරිශ්රයේදීයි. එම විද්‍යාපීඨයේ සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පුහුණුව නිමකළ 89 දෙනෙකු මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කෙරුණා. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය අධිකාරියට පත්කර ජනාධිපති වර්ණ ප්රදානය කිරීම ද මෙහිදී සිදු කෙරුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නැගෙනහිර නාවික ප්‍රදේශය භාර අඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද විශාල පිරිසක් ද ඊට එක්ව සිටියා. අධිකාරියට පත් කිරීමේ විචිත්‍රවත් උළෙලෙන් පසු විසිර යාම සිදු කෙරුණා. පුහුණු කාලසීමාව තුළදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන්ට විශේෂ සම්මාන ප්‍රධානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා,