අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමඟ පැවති තරගයෙන් ලකුණු 17ට 11ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරිමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රිඩා පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට තෝමස් ක්‍රිඩකයින් ලකුනු 11ක් ලබා සිටියා. එම අර්ධයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ලබා ගත හැකි වුයේ ලකුණු 07 ක් පමණයි. තරගයේ දෙවන අර්ධයේදී ආක්රමණශිලි තරග රටාවක නිරත වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාල ක්‍රිඩකයින් සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු ලබා ගැනිමට ඉඩ ලබා දුන්නේ නැහැ. තරගය නිමාවන විට ත්‍රිත්ව විද්‍යාල ක්‍රිඩකයින් ලකුණු 17ක් රැස් කරමින් ජය හිමි කර ගත්තා. ඊට උත්සාහක ගෝල දිනුම් 03ක් සහ ප්රවර්තනයක් ඇතුලත්.