fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය අද මැදියමේ සිට වැඩ

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 18:52

දුම්රිය අද මැදියමේ සිට වැඩ

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව හෙට (23)  සිට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් වනු ඇති.

පෙරේදා පස්වරුවේ හදිසියේ ආරම්භ කළ මෙම සංකේත වර්ජනය හේතුවෙන් සේවය අවසන් කර නිවෙස් බලා යාමට පැමිණි මගී ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්වුණා. එමෙන්ම ඊයේ දිනයේ කාර්යාල සේවකයන් හා පාසල් දරු දැරියන් දුම්රිය නොමැතිකමින් පත්වූයේ දැඩි අපහසුතාවකටයි. අද(22) දිනයේ ද එම තත්ත්වය දැකගත හැකි වුණා.

කෙසේ වුව ද දුම්රිය වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට රජය ප්‍රකාශ කර තිබියදීත් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම අසාධාරණ බවයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 22, 2019 18:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්