මිහින්තලා පුදබිමට ස්ථිර ආලෝක හා සීසීටීවී කැමරා පද්ධති පිහිටුවීම ගැන විශේෂ සාකච්ඡාවක්
Related Articles
මිහින්තලා පුදබිමට ස්ථිර ආලෝක පද්ධතියක් , ශබ්ද විකාශන හා සීසීටීවී කැමරා පද්ධතියක් පිහිටුවීමේ ව්‍යාපෘතිය පිළිබඳ විදුලි බල අමාත්‍ය රවී කරුණානායක මහතා විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
අමාත්‍යවරයා මිහින්තලා රජමහා විහාරස්ථානයට ගොස් විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ හමුවී මේ පිළිබඳ සාකච්ඡා කළා. උන්වහන්සේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුවයි අමාත්‍යවරයා මේ පිළිබඳ කරුණු සොයා බලා ඇත්තේ.
මිහින්තලය පුදබිමට රාත්‍රී කාලයේ පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා පුදබිම ආලෝකවත් කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා විශේෂ අවධානය යොමු කළා. මේ පිළිබඳ සාකච්ඡාවෙන් අනතුරුව විහාරාධිපති ස්වාමීන්වහන්සේ හා අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.