දුප්පත් ජනතාව වෙනුවෙන් ලබා දෙන සමෘද්ධි සහනාධාරය කිසිවිටෙකත් අඩු නොකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. දොඩංගොඩ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නෑබඩ කලාපයේ පුද්ගලයින් 354 දෙනෙකුට සමෘද්ධි හිමිකම් ප්රදානය කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. එක්සත් ජාතික පක්ෂ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/nYiwZ8hNDmk”]