කාම්බෝජයේ මහල් 7 කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටුණා. එය චීන සමාගමට අයත් ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක්. පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇති බවටයි දැනට වාර්තා වන්නේ.
20 දෙනෙකු පමණ බේරාගැණුනා. පනස් දෙනෙකු පමණ මෙම ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි බවයි බලධාරීන් ප්රකාශ කළේ. ඒ අනුව අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා. සුන්බුන් අතර සිරවුණු දෙදෙනෙකුගේ මළ සිරුරු ඉවත්කළ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.